FAST NEWS

24×7 Around the Globe

2001- 2002 කාලයේ සතොසෙ මුදල් අවභාවිත නඩුවකට හිටපු ඇමති රවීත් ගැවෙයි..

‍2001 සහ 2002 වසරවලදී සතොසට සහල් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 04ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සතොස හිටපු සාමාන්‍යාධිකාරී නිමල් පෙරේරා මහතාට රෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට අදාළව ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට සිතාසි නිකුත් කර තිබේ.

සතොස හිටපු සාමාන්‍යාධිකාරී නිමල් පෙරේරා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවක් විභාගයට ගන්නා ලද අවස්ථාවේදී හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සම්බන්ධයෙන්ද කරුණු හෙළිවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට අධිකරණය මෙලෙස හිටපු මුදල් අමාත්‍යවරයාට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

2001 සහ 2002 යන නඩුවට ආදළ කාල සීමාව තුල පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා වාණිජ හා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

DE සිල්වා