FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තු පැමීණිම සතියක් ඇතුළත – කථානායක..

භාණ්ඩගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබදව පරික්ෂා කිරීමේ සහ විමර්ශනය කිරිමේ ජනාධිපති විමර්ශන කොමීෂන් සභාව ජනාධිපතිවරයා වෙත භාර දුන් වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කිරීමට සතියක කාලයක් ඇතුළත සිදු කෙරෙනු ඇති බව කථානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු ලැබීය.

අද (10) පෙරවරුවේ කැඳවුනු විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදි කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

එසේම අද (10) දිනයේදි මෙම වාර්තාව පාර්ලිමේන්තුවට සභාගතවීමට ඉඩකඩ පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මීන් පෙර ප්‍රකාශ කර තිබුණී.

DE සිල්වා