FAST NEWS

24×7 Around the Globe

මත්තලින් ජාත්‍යන්තර වෙළඳපොල දිනන බව අගමැති රනිල් පවසයි.

ධීවර කර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළඳපොල දිනාගැනීම සඳහා මත්තල ගුවන් තොටුපල යොදාගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මාතර දික්වැල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේ ඉදිරි වසර 4 ඇතුළත හිස්ව තිබෙන මත්තල ගුවන්තොටුපලෙන් ප‍්‍රයෝජනයක් ගෙන ජනතාවගේ අනාගතය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බවයි.