2021 වසර දක්වා තමාට ජනපතිධුරයේ කටයුතු කළ හැකිදැයි යන්න පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදු කර තිබේ.
එ අනුව තමා ජනපති ලෙස 2015 වසරේ ජනවාරි 09 දා පත්වූයේ ව්‍යවස්ථාවේ 32(01) වගන්තිය යටතේ බවත් එතැන් පටන් තමන්ට වසර හයක් ජනපති ධුරයේ කටයුතු කළ හැකිදැයි යනුවෙන්,අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ජනපතිවරයා විමසා ඇති බව සඳහන්.
එසේම මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස ජනවාරි 14 දා හෝ ඊට ප්‍රථමව දැනුම් දෙන ලෙස ජනපතිවරයා දන්වා ඇත.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වන අතර ඒ අනුව වත්මන් ජනපතිවරයාගේ ධුර කාලයද 2020 වසරෙන් පසුව අවසන් වන බවට ප්‍රශ්නයක් ඇතිව තිබේ.
එ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත අධිකරණයේදී බ්‍රහස්පතින්දා විවාද කරීමට නියමිත අතර නීතිඥ සංගමයේ මතය 11දා පෙව. 11.00ට පෙර දන්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකඛාධිකාරී නීතිඥ සංගමයෙන් ඉල්ලා ඇති බවද සඳහන්.
DE සිල්වා








