FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය අත්හිටුවයි..

තැපැල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවලදී ගැටලු විසඳීමට අදාළව යහපත් ප්‍රතිචාර ලැබුණ හෙයින් අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ තැපැල් සේවක වර්ජනය තාවකාලික නවතා දැමූ බවත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

නව බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමස්ත තැපැල් සේවකයන්ට රාජකාරියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබුණු බවද එම පෙරමුණ පැවසීය.

මේ පිළිබඳවපැවැති සාකච්ඡාවලදී විසඳුම් ලබාදීමට පොරොන්දු වූ නිසා මෙසේ වර්ජනය තාවකාලිකව අත්හිටුවූ බවද එම පෙරමුණ කියයි.

DE සිල්වා