FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට..

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

බැඳුම්කර ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් පසු දේශපාලන පක්ෂ පසුගියදා ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටි අතර, එ අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඊයේ (09) පස්වරුව වන තෙක් අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබු බවත් ,අද (10) උදෑසන එය ලැබුණු පසු සභාගත කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

DE සිල්වා