FAST NEWS

24×7 Around the Globe

දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ එක් සැකරුවෙකුට ඇප…

පසුගියදා ආන්දොලනයකට තුඩ දුන් දළ පූට්ටුවා හස්තියා ඝාතන සිද්ධියේ අටවැනි සැකකරුට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) දැඩි කොන්දේසි මත ඇප ලබාදුන්නේය.

එසේම ඉතිරි අනෙක් සැකකරුවන් 7 දෙනා ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

ඒ අනුව දළ පූට්ටුවාට වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනි අවිය ළඟ තබාගත් බව කියන එච්.එම්.රන්බණ්ඩා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 1500ක මුදල් ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

එසේම ඇප සැකකරුට සෑම ඉරිදා දිනකම මහව පොලිසියේ පෙනී සිටින ලෙසට ද නියම අධිකරණයෙන් නියම කෙරිණි.

DE සිල්වා