FAST NEWS

24×7 Around the Globe

මාගම්පුර වරායෙන් ඉවත් කෙරුණූ සේවකයෝ මාරාන්තික උපවාසයකට යති..

හම්බන්තොට මාගම්පුර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින් 438 දෙනෙකු අද (09) පෙරවරු 9.00 සිට වරාය පිවිසුම් දොරටුව අභියස මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් කිසිඳු විසඳුමක් ලබානොදීමට විරෝධය පල කරමින් මෙම උපවාසයේ නිරත වන බව මාගම්පුර වරාය සේවක සංගමය කියයි.

හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීමට පෙර මෙම සේවකයින් නොවැම්බර් මස 30 වන දින සිට සේවයෙන් ඉවත් කෙරුණු අතර මෙතෙක් ඔවුන්ට කිසිඳු විසඳුමක් ලබා දී නොමැති බව වාර්තා වෙයි.

මේ අතර තම දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් සේවය අහිමි වූ මාගම්පුර වරායේ සේවකයින්ගේ දෙමව්පියන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය ද තවදුරටත් වරායේ පිවිසුම් දොරටුව අභියස ක්‍රියාත්මක වෙයි.

DE සිල්වා