FAST NEWS

24×7 Around the Globe

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් හෙට(09) සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සදහන් වන්නේ විශේෂයෙන් උතුර පළාතට සහ ත්‍රිකුණමලය දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

උතුරුමැද පළාතටත් , මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.