FAST NEWS

24×7 Around the Globe

අකුරැස්සේ සිදුවූ අනතුරකින් සිසුවියක් ජීවිතක්ෂයට..

ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (08) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ සිසුවියක (11) මිය ගිය බව හබරාදුව පොලිසිය පවසයි.

ඇගේ සහෝදරයා පැදවු යතුරුපැදියේ මෙම ළමයා ඉදිරිපස වාඩිවී යන විට ඉදිරියෙන් ගිය ලොරි රථයක හැපීමෙන් තුවාල ලැබ මිය ගොස් ඇති බව වාර්තාවේ.

යතුරුපැදිය ධාවනය කළ සහෝදරයා ද තුවාල ලැබ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.