FAST NEWS

24×7 Around the Globe

නෝර්ටන්බ්‍රිජ් පයිනස් රක්ෂිතයක හටගත් ගින්න මැඩලීමට යුද හමුදා සහාය පතයි..

නෝටන්බි‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් පයිනස් වගා රක්‍ෂීතයක ගින්නක් හටගෙන ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසයි.

ඊයේ (07) රාති‍්‍ර 8.00 ට පමණ හටගත් ගින්නෙන් මේ වන විට වන වගා රක්‍ෂිතයෙන් කොටසක් ගිනි ගෙන ඇති බවත් ප‍්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් හෝ කිසියම් පුද්ගලයෙක් මෙම රක්‍ෂිතයට ගිනි තබන්නට ඇති බවත් පොලිසිය පවසයි.

හටගත් ගින්න මේ වන විට වන වගා රක්‍ෂිතයේ කඳු මුදුනට ගින්න පැතිර ගොස් ඇති නිසා ගින්න මැඩ පැවැත්විම දුෂ්කර වු බැවින් ගින්න මැඩ පැවැත්විමට ලක්‍ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින්ගේ සහයෝගය ඉල්ලා ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටී.