FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාව සම්බන්ධ විවාදය වහා රැස්කළ යුතුයි..

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායකවරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික සම්මේලනයේදී පැවසීය.

කොමිෂන් වාර්තාව පෙන්වමින් කතා කරන ඒකාබද්ධ විපක්ෂයටත්, මාධ්‍යටත් යමක් කිව යුතුව තිබෙන බවත්, කොමිෂන් සභා වාර්තාවෙන් හෙලිවන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදු වී ඇති බව කොමිෂන් සභාවේ අදහස බව දැන ගත යුතුව ඇති බවත් අගමැතිවරයා කීය.