FAST NEWS

24×7 Around the Globe

අධික ශීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජන ජීවිතයට බාධා..

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින අධික ශීතල කාලගුණ තත්ත්වයත් සමගම ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී තිබේ.

පවතින අධික ශීතල කාලගුණයත් සමග නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වන අතර, එම මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවටද බලපෑම් ඇති වී තිබේ.

එළවළු වගාවට පතිත වන මල්තුහිනවලින් ආරක‍්ෂා කරගැනීම සඳහා හිරු එළිය වැටීමට ප්‍රථම එළවළු වගාවේ තැන්පත් වී තිබෙන මල්තුහින ජලය යොදා සෝදා හැරීමටද ගොවීහු පුරුදු වී සිටින නමුත් තේ වගාවට එය සිදුකළ නොහැකි බව වතු අධිකාරිවරු පවසති.