FAST NEWS

24×7 Around the Globe

ආනයනය කරන ලද පොහොර බෙදා හැරීම අද සිට..

පොහොර හිඟයට පිළියමක් ලෙස මෙරටට ආනයනය කරන ලද පොහොර මෙටි‍්‍රක් ටොන් 50,000 අද(08) සිට බෙදාහරින බව ලංකා පොහොර සමාගම පවසයි.

එහි සභාපති රෝෂණ වඩුගේ කියා සිටියේ අදාල පොහොර තොග දිවයින පුරා බෙදාහැරීම සඳහා ලොරි රථ 200 ක් මේ වනවිටත් යොදවා ඇති බවයි.

පොහොර මෙටි‍්‍රක් ටොන් 50,000 රැගත් ඕමාන රාජ්‍යයේ නෞකාව ඊයේ(07) කොළඹ වරායට පැමිණි අතර නෞකාවෙන් ගෙන ආ පොහොර සාම්පල පරික්ෂාවද ආරම්භ කෙරුනි.