FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ නියෝජිතයන් පිරිසක් නීතිපතිවරයා හමුවීමට නියමිතයි..

පෙබරවාරි මස 10 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව මතුව ඇති නීතිමය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නියෝජිතයන් පිරිසක් අද(08) දින නීතිපතිවරයා හමුවීමට නියමිතය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ(07) පැවති පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් කියා සිටියේ ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඇතුලූ නීතිවිරෝධී ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.