FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා හිටපු තානාපති ජාලියට විවෘත වරෙන්තු නිකුත් කෙරේ..

ඇමරිකාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා වහාම අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) නිකුත් කළේය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ තිස්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හෙතෙම කොළඹ මහාධිකරණය මගින් ඇප ලබා ගෙන මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් අමෙරිකාවට ගොස් සිටියි.

DE සිල්වා