FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රී සිට 08 වැනිදා දක්වා කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි..

ජල නළ එලීමක් හේතුවෙන් කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත මංසන්ධියේ සිට රාමනාදන් මාවත අද රාත්‍රී 9.00 සිට ලබන 8 වන දා අලුයම දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බැවින් ,අදාළ කාලය තුළ එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලිසීය පවසයි.

මේ අතර මට්ටක්කුලිය විස්ට් වයික් පාරේ කාක දූපත මංසන්ධියේ සිට සෙන් මේරිස් මාර්ගයට හැරෙන මංසන්ධිය දක්වා කොටස ද ජල නළ එලීමක් හේතුවෙන් අද රාත්‍රි 9.00 සිට ලබන 8 වන දා අලුයම 5.00 දක්වා වසා තැබෙන බවද පොලිසීය පැවසීය.

DE සිල්වා