FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි..

පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව සමඟ පවත්වන සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමීණි, ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ පවත්වන සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවත්, එහි පියවරක් ලෙස මෙම හමුවිම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

DE සිල්වා