FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර මගඩියේ මහ මොළකරුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි..

බැදුම්කර මගඩියේ මහ මොළකරු එක්‌සත් ජාතික පක්‌ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට එරෙහිවත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා බත්තරමුල්ලේ පිහිටි එම පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04 ) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමීන් අවධාරණය කළේ ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඩුව අගමැතිවරයාගේ බෙල්ල ළගින් සුළං වැදෙන සේ පමණක්‌ ගොස්‌ ඇතැයිද වැරැදි කරුවන්ට දඩුවම් දීමේ කටයුත්තේ දී එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද හෙතෙම සදහන් කළේ ය.

කොමිෂන් වාර්තා පිළිබදව කිසිදු පැහැදීමක්‌ නොමැති රටක මෙවැනි නිර්දේශ කිරීම පැසසිය යුතු කරුණක්‌ බවත් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ වාර්තාව පමණක්‌ නොව වාර්තාව මත පදනම් වූ දඩුවම් ලබාදීම බවත් හේරත් මහතා පැවසීය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම තනතුර සඳහා නිර්දේශ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වුවත් එම පත්වීම ලබා දුන්නේ ජනාධිපතිවරයා බැවින් මෙම මහා මංකොල්ලයට ඔවුන් වගකිවයුතු යෑයි ද විජිත හේරත් මහතා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේ ය.

DE සිල්වා