FAST NEWS

24×7 Around the Globe

සයිටම් වෙනුවට නව ආයතනයක් පිහිටුවිමට ගිවිසුම් අත්සන් කෙරේ..

සයිටම් ආයතනය අහෝසි කර නව ආයතනය පිහිටුවම සඳහා රජය සයිටම් ආයතනය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දින මෙම ගිවිසුම අත්සන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම අවබෝධතා ගිවිසුමට අනුව සයිටම් අහෝසි වෙමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් ලාභ නොලබන නව ආයතන දෙකක් ආරම්භ කිරීමට නියමිත අතර රජය ඒ සඳහා මාර්ගෝපදේශනය ලබා දීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්…

DE සිල්වා