FAST NEWS

24×7 Around the Globe

සතොස පළමු වන මෙගා අළෙවි සැල හෙට විවෘත කෙරේ..

සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට ( 05) වැලිසර දී විවෘත කෙරෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වැලිසර මෙගා අළෙවිසැළ විවෘත කෙරෙන බවත් එම අමාත්‍යාංශය කියයි.

සතොස අළෙවි සැල් ජාලයේ 400 වන අළෙවි සැල ලෙසින් මෙම මෙගා අළෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වන අතර,තවත් මෙවැනි මෙගා අළෙවි සැල් 40 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් කියයි.

DE සිල්වා