FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ ලියාපදිංචි අංක පෙළ වෙනස් වෙයි..

අලුතින් මෝටර් රථ ලියාපදිංචි අංක පෙළක් ‘CBA 0001’ සිට ආරම්භ කිරීම සිදුවනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

භාවිතයේ පැවති ‘CAA 0001’ වාහන ලියාපදිංචි අංක පෙළ හඳුන්වා දෙනු ලැබුයේ 2013 වසරේ ජුලි 13 වැනිදා වන අතර එම ‘CA’ පෙළ ඉංග්‍රීසි අංක 26 ක අනුපෙළක් යටතේ බිඳී CAA 0001 සිට CAZ 9999 දක්වා ලියාපදිංචිය සිදුවිය.

එම කාණ්ඩය අතර මෝටර්රථ 246,000 ක් පසුගිය වසර හතරහමාරක කාලය තුළ ලියාපදිංචි වු බවද එම දෙපාර්තුමේන්තුව පවසයි.

DE සිල්වා