FAST NEWS

24×7 Around the Globe

පෙරමුණේ දේශපාලන වේදිකාවලට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීන්දුව මැතිවරණයෙන් පසු..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන දේශපාලන වේදිකාවලට එක්‌වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයක්‌ ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කරන ක්‍රමවේදයක්‌ තිබෙන බව ද, ඒ අනුව පක්‍ෂයේ විනයට පටහැනිව කටයුතු කරන පිරිස්‌ පිළිබඳව තොරතුරු එක්‌රැස්‌ කරමින් සිටින බව ද හෙතෙම කීවේය.

එසේ එක්‌රැස්‌ කරනු ලබන තොරතුරුවලට අනුව ඉදිරි කාලයේදී නිසි පියවර ගන්නා බව ද දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

DE සිල්වා

ලසිත දුමින්ද