FAST NEWS

24×7 Around the Globe

2018 දී සතොස අලෙවිසැල් 100 ක් අරම්භ කරනවා – ඇමති රිෂාඩ්

2018 වසරේදී දිවයින පුරා අලුතින් සතොස අලෙවි සැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එසේම සතොස ජංගම අලෙවි රථ ප්‍රමාණය 100 දක්වා වර්ධනය කරන බවත් හෙතෙම මාධ්‍ය වෙත පැවසීය.

මේ ක්‍රියාමාර්ගය තුළින් පාරිභෝගික ජනතාවට පහසු හා සහන මිලට ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ ලබා දෙමින්, වෙළෙඳ පොළ තරඟකාරීත්වය තුළින් භාණ්ඩ මිළ ස්ථාවර මට්ටමක තබා ගැනීමට අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

DE සිල්වා