FAST NEWS

24×7 Around the Globe

“සුවසැරිය” II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තැබේ..

“සුවසැරිය” හදිසි ගිලන්රථ සේවා II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu) මහතාත් අත්සන් තබන ලදී.

DE සිල්වා