FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පැළියගොඩ පිවිසුම අසල නව ධාවන ක්‍රමයක්..

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ,කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කැළණි පාලම අසල කැළණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සදහා භාවිත කරන මාර්ගය මේ මස 10 වනදා සිට වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේය.

එසේම මීට විකල්ප මාර්ග ධාවන ක්‍රමයක්ද එම අධිකාරීය හදුන්වා දෙයි.

ඒ අනුව, කටුනායක අධිවේගී මාර්ගයේ සිට කැළණිය සහ පෑලියගොඩ දෙසට පිවිසීම සදහා පෑලියගොඩ හුවමාරුව භාවිතා කර කොළඹ – නුවර මාර්ගයට පිවිසිම.

එමෙන්ම, කටුනායක අධිවේගී මාර්ගයේ සිට වත්තල සහ පෑලියගොඩ දෙසට පිටවීම් සදහා පෑලියගොඩ හුවමාරුව භාවිතා කර කොළඹ – මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.

එසේම, කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහනවලට සුපුරුදු පරිදි ගමන් කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය

DE සිල්වා