රටේ ඇතිව තිබෙන පොහොර හිඟය අද (03) රාත්‍රි වනවිට විසදෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
එ අනුව අද (03) රාත්‍රියේ දී මෙක්.ටොන් 40000ක පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව කී අමත්‍යවරයා ,එම පොහොර තොග වරායේ සිට දිවයිනේ පොහොර අවශ්‍ය ප්‍රදේශ කරා ලොරි රථ 200ක් මඟින් ප්‍රවාහනය කිරිමට කටයුතු යොදා ඇති බවද පැවසීය.
පාකිස්ථානයෙන් පොහොර ලබාගැනීමේ දී යන් ප්‍රමාදයක් සිදු වූ බවත් එයට හේතුව එරට විසින් පොහොර අපනයනට තහංචි පනවා තිබීම බවත් ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා එරට අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡවකින් අනතුරුව මෙරටට පොහොර ලබාදීමට කටයුතු කළ බවත් ඒ අනුව පොහොර තොග ලැබෙන බවත් හෙතෙම මෙහිදි සඳහන් කළේය.








