FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට අදාළ අභියචනා ඉදිරිපත් කරන්න – අධ්‍යාපන අමාත්‍යාංශය..

2018 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී යම් කිසි අසාධාරණයක් සිදුව ඇත්නම් පළමුව අදාළ පාසලටත් පසුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ අදාළ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පැමිණිලි වලට අදාළ අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

මේ වන විට පළමු වසරට අදාළ අවසන් නාමලේඛන පාසල් තුළ ප්‍රදර්ශනය කිරීම සිදුවන බවත් ,අසාධාරණයන්ට ලක්වූවන්ට සහන ලබාදීමට විශේෂ සහන ඒකකයක් පිහිටුවා එමගින් ඇතිවන ගැටළු නිරාකරණය කිරීමට කටයුතු සකස් කර ඇතැයිද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 15 වැනි දා සිදු කිරීමට සියලුම පාසල් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය කයයි.

DE සිල්වා