FAST NEWS

24×7 Around the Globe

ගුවන් පාලම් 03 ක් ජනවාරියේදී ජනතා අයිතියට..

ඉදිකිරීම් අවසන් කළ රාජගිරිය,පොල්ගහවෙල හා ගණේමුල්ලේ ගුවන් පාලම් 03 මේ මාසය තුළ ජනතා අයිතියට පත් කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජගිරිය නගර මධ්‍යයේ ඉදිකළ ගුවන් පාලම මේ මස 08 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමීතව ඇති බව එම අමාත්‍යාංශය කියයි.

එසේම අධික රථ වාහන තදබදයක් පවතින පොල්ගහවෙල ප්‍රදේශයේ ඉදිකළ ගුවන් පාලමද මේ මස 17දා ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ගණේමුල්ල නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුම් පිණිස ඉදි කළ ගණේමුල්ල ගුවන් පාලම මේ මස 11දා විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් කියයි.

DE සිල්වා