FAST NEWS

24×7 Around the Globe

බැදුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද..

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

අදාළ වාර්තාව පසුගිය 30 වැනිදා එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයාට භාර දුන්නේය.

පිටු 1400 කින් සහ ඇමුණුම් 100 කින් පමණ සමන්විත මෙම වාර්තාවේ සාක්ෂිකරුවන් 70 දෙනෙකුගේ සාක්ෂි මෙන්ම, ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ද ඇතුළත් බැව් පැවසේ.

DE සිල්වා