FAST NEWS

24×7 Around the Globe

අභිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් මාළිගාවත්තේ..

අභිරහස් ලෙස මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් අද (02) පෙරවරු මාළිගාවත්ත අරලිය උයන විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට ක්‍රීඩාංගනයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ චාල්ස් (37) නැමැති අය බවට ඔහුගේ විදේශ බලපත‍්‍රයට අනුව හදුනාගෙන ඇති අතර ,මොහු ඉකුත් නොවැම්ර්බර් මස 25 වැනි දින සංචාරයක් සදහා මෙරටට පැමීණ තිබේ.

එසේම මෙම මස 25 වැනි දින ඔහුගේ වීසා කාලය නිමවීමට නියමිතව ඇති බවද එම බලපත්‍රයේහි සඳහන් ව තිබේ.‍

මෙම මරණය ඝාතනයක් ද යන්න හෙළි කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි .

DE සිල්වා