FAST NEWS

24×7 Around the Globe

2017 දුම්රියේ ගැටි 510 ක් මරුට..

දුම්රියේ ගැටීම හේතුවෙන් පසුගිය 2017 වසරේදී පුද්ගලයන් 510 දෙනෙකු මරණයට පත්වු බවත්, විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලින් අපරීක්‍ෂාකාරීව වාහන ධාවන කිරීම වැනි හේතු නිසා පුද්ගලයන් මෙසේ මරණයට පත්ව තිබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන්කිසිලෙසකින් දුම්රිය මාර්ගවල ගමන් නොකරන ලෙසත්, දුම්රිය හරස් මාර්ග හරහා වාහන ධාවනය කිරීමේදී දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන වීම පිළිබඳ දැඩි පරීක්‍ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

2016 වසරේදී පුද්ගලයන් 470කට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගැටි මෙලෙස මරණයට පත්ව ඇති බවද එම දෙපාර්තුමේන්තුව කියයි.

DE සිල්වා