FAST NEWS

24×7 Around the Globe

පරාජය වූ අපේක්ෂකයන්ට ජාතික ලැයිස්තුවෙන් ඉඩ – මැකෝ

මහා මැතිවරණයට තරග නොකරන හා ජාතික ලැයිස්තුවේ නම නැති කිසිම කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට ඉඩ නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.

මැතිවරණ කාර්යාලය වෙත දේශපාලන පක්ෂ විසින් දී ඇති ජාතික ලැයිස්තුවට පිටින් කිසිවෙකුත් මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බව පැවැසූ කොමසාරිස්වරයා එසේ වුවද පරාජය වූ අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ ඉඩ තිබෙන බවද කීවේය.

ජාතික ලැයිස්තුවට නම ඇතුළත්ව ඇති රජයේ නිලධාරීන්ට, සංස්ථා සභාපතිවරුන්ට, සේවයෙන් ඉවත් වන ලෙස හෝ නිවාඩු ගන්නා ලෙස තමන් දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය. මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ තමන්ට හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා ලැයිස්තුවේ නම් සඳහන් නැති පුද්ගලයින් ඇතුළත් කිරීමට සූදානම් වුවද ඊට ඉඩක් නැතැයි ද ඒ මහතා කීවේය.