FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ සියළු අපේක්ෂකයින් අද කොළඹට…

පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයින් අද (02) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක්‌ ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.

මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇති බව එම පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පමණක්‌ ඔවුන් ඇමතීමද සිදු කිරීමටද නියමීත බවත් පැවසේ.

මෙම අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වීමට නියමිත බවත්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැස්‌වීම ලබන 6 දා කඩවත දී පැවැත්වීමට නියමීත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

DE සිල්වා