FAST NEWS

24×7 Around the Globe

බරපතල වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති කොමීසමේ වාර්තාව අද ජනපතිට..

පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම අද (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.

එසේම මෙම බරපතල වංචා සහ දුෂණ පරීක්‍ෂණ වාර්තා 17ට අමතරව මෙවැනි බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන්ද කොමිසම ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බවත් පැවසේ.

පසුගිය රජය සමයේ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් මෙන්ම රාජ්‍ය බලය අවභාවිතා කිරීම මඟින් රාජ්‍ය ආයතන වලට සිදුකළ පාඩු ආදීය සෙවීම සඳහා 2015 මාර්තු මස 15 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කරන ලදී.

DE සිල්වා