FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම් තහනම දිගු වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරයකින් තොරව එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 7 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (29දා) තීරණය කළේය.