අද උදෑසන 9 සිට රාත්‍රි 7 දක්වා පැය 10 ක කාලයක් ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.
ඒ අනුව, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, උඩහමුල්ල, මිරිහාන, නුගේගොඩ, පාගොඩ, ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.
එම මණ්ඩලය දැනුම් දෙන්නේ, ඊට අමතරව හයිලෙවල් පාර නුගේගොඩ හන්දියේ සිට විජේරාම හන්දිය දක්වා සහ නාවල පාර, නුගේගොඩ සිට විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල අද රාත්‍රි 7 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ය.
කෝට්ටේ ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.







