FAST NEWS

24×7 Around the Globe

ගඩාෆිගේ පුතුටත් මරණ දඩුවම.

ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාෆිගේ පුත‍්‍රයෙකු වන සයිෆ් අල් ගඩාෆිට එරට අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඔහු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකුට මෙලෙස මරණ දඩුවම නියම කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 2011 වසරේ ගඩාෆි බලයෙන් පහ කිරීමට රට තුළ පැවති සාමකාමී විරෝධතා මර්දනය කිරීමට උත්සහ ගත් බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.