මහජන සාමය ආපදා කළමනාකරණය සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය අනුව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ආර්. එල්. රණවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පරීක්ෂණ හා පුනරීක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇති අතර ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. ආර්. නාගස්මුල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. එස්. පතිනායක මහතා සැපයුම් කොට්ඨාසයේ සිට ගොඩනැගිලි කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඒල්. ඒ. එස්. ප්‍රියන්ත වීරසුරිය මහතා පොලිස් මුල්ස්ථානයේ සිට සැපයුම් කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් පත් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.







