FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපළ අසලින් කිලෝ 50ක බෝම්බයක් හමුවෙයි.

කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ තිබී කිලෝ 50ක් පමණ බරැති බෝම්බයක් එම ප්‍රදේශයේ ඇලක් කපමින් සිටි ගොවි සංවිධානයක පිරිසකට හමුවී ඇතැයි පොලිසිය කියයි.

එය කොටි සංවිධානය 2007 වසරේදී කටුනායක ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ කඩා වැටුණු ගුවන් යානයේ තිබියදී එහි වැටෙන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක කරති.

බෝම්බය කටුනායක ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය බාරයට ගෙන ඇති බව කියයි.