චීනයේ ටයිසු සිට ගුවැන්ග්සු බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක සිටි මගියෙකු යානයට ගිනි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යානයේ සිටි අනෙක් මගීහුද කාර්යමණ්ඩල සේවකයෝද සමත්වූහ.
යානය ගොඩබැස්වීමට ආසන්නවත්ම ගුවන්සේවිකාවන්ගේ අවවාද නොතකා තම ආසන පටි මුදාහැර ආසනයෙන් නැගිට සිටි ඔහු සගවාගෙන සිටි බඳුනක තිබූ පෙට්‍රල් ආසනය මත වත්කර ගිනි දල්වා ඇත.
යානයේ අනෙක් ආසන වලටද පෙට්‍රල් ඉසීමට ඔහු උත්සාහ කර ඇතත් ඊට පෙර ඔහු වෙත කඩාපැන ඇති අසළ සිටි මගීන් ඔහු යටත් කරගෙන තිබේ. අනතුරුව ජලය ඉස ගින්න නිවා දැමීමට ඔවුන් කටයුතු කර ඇත.
ගුවන්යානය ගොඩබැස්වූ වහාම ඊට ගොඩවූ පොලිස් නිලධාරීන් එම මගියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර ඔහු එසේ හැසිරීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණයව නොමැත. හදිසියේවත් ගින්නක් ඇතිවුනි නම් මහා විනාශයක් විය හැකිව තිබුණු බව පොලිසිය කියයි.
පෙට්‍රල් පිරවූ බදුනක් රැගෙන මගියකුට ගුවන්යානට ගොඩවීමට ඉඩදීම සම්බන්ධයෙන් ටයිසු ගුවන්තොටුපල ආරක්ෂක නිළධාරීන්ව චීන මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.







