FAST NEWS

24×7 Around the Globe

සන්ධානයේ ප්‍රතිපත්ති ජනපති මෛත්‍රීට පිළිගන්වයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ.

අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට අද උදෑසනම ගොස් එය පිළිගන්වා ඇත.

ඉදිරි මැතිවරණය වෙනුවෙන් සකස් කළ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේ එළිදැක්වීමට නියමිතය.

අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙන්ද්‍රිපේදිරිස් ක්‍රීඩාංගණයේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

“අනාගතයට සහතිකයක්“ යන තේමාව යටතේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

එක්සත් ජාතික පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශන පසුගියදා එළිදැක්විණ.