FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා නිදොස් කල කර්නාටක මහාධිකරණය දුන් තීන්දුව ඉවතට.

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා නිදොස්‌ කරමින් මීට ඉහතදී කර්නාටක මහාධිකරණය දුන් තීන්දුව ඊයේ (27 දා) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‌ෂේප කර ඇත.

විනිසුරුවන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් යුත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ජයලලිතා සහ ඇගේ මිතුරිය වූ, සසිකලාටද නොතීසි නිකුත් කළේය. භාරතීය ජනතා පක්‍ෂ නායක සුබ්‍රමනියම් ස්‌වාමි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක්‌ වෙනුවෙන් මෙම තීන්දුව දී තිබේ. ගෝස්‌ සහ අග්‍රවාල් යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කර ඇතැයි ඉන්දීය වාර්තා දක්‌වයි.