දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එරට සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.
සෝල් මෙට්‍රොපොලිටන් හි නගරාධිපති Park Won-soon මහතාගේ නිල කාර්යාලයේ දී අද (30) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී එම ගරු පුරවැසිභාවය පිරිනැමුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා මෙන්ම ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කර ගැනීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුළ පවතින නොපසුබස්නා උත්සාහය හා වෙහෙස නොබලා දරන වෑයම ඛෙහෙවින් තම සිත්ගෙන තිඛෙන බවද Park Won-soon මහතා මෙහිදී සදහන් කර තිබේ.
ඊට ගෞරවයක් වශයෙන් සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙට්‍රොපොලිටන් නගරයේ ගරු පුරවැසිභාවය ජනාධිපතිතුමා වෙත පිරිනමන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.
ගරු පුරවැසිභාවය නිල වශයෙන් ප්රදානය කිරීමේ සහතිකය පිරිනැමීමෙන් අනතුරුව පුරවැසිභාවයේ පදක්කම් ද ජනාධිපතිතුමා වෙත පැළැදවූ නගරාධිපති Park Won-soon මහතා වර්ණවත් සඑවක් ජනාධිපතිවරයා වෙත පැළදවා තිබේ.
පුරවැසිභාවය පිරිනැමීම තුළින් මෙට්‍රොපොලිටන් සුන්දර නගරයේ පාර්ශ්වකරුවෙකු වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් නගරාධිපතිවරයාට සහ නගර වැසියන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, එය තමාට පමණක් නොව ශ්‍රී ලංකා රජයටත් එහි පුරවැසියන්ටත් දැක්වූ ගෞරවයක් ලෙස පිළිගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
DE සිල්වා
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.