FAST NEWS

24×7 Around the Globe

ගැසට් පත්‍රයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගැනේ – අතුරු තහනමත් ඉවතට..

සීමා නිර්ණය හා සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි කියා ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් අද (30) ඉල්ලා අස්කර ගන්නා ලබුවේය.

ඇමැතිවරයා සමඟ ඇතිවු එකඟතාවයට අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා අභියාචානාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළේය.

එ අනුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටි නිතිපතිවරයා පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි ද අධිකරණය වෙත දැනුම් දුන්නේය.

සියළු කරුණු සළකා බැලු අභියාචනාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභා කළ අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක්ව තිබු ගැසට් නිවේදනයට එරෙහිව ලබා දුන් අතුරු තහනම් නියෝගය ඉවත් කර කළේය.

 

DE සිල්වා