මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරිම් චීනයේ එම්.සී.සී. සමාගමට ලබාදී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.
චීන එක්සිම් බැංකුවේ ණය ආධාරමත කොස්සින්න සිට මීරිගම දක්වා කිලෝමිටර් 32.55 ක කොටස සඳහා එම සමාගමට ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව සඳහන්ය.
ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 145.8 ක් වෙයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කොස්සින්න දක්වා කිලෝමිටර් 05ක් වන මාර්ගයේ මූලික ඉදිකිරිම් අදාළ සමාගම විසින් දැනටමත් ආරම්භ කර තිබේ.
කඩවත සිට කොස්සින්න දක්වා මර්ගය පිටත වටරවුම මාර්ගයේ තුන්වන කොටසෙන් ඉතිරි කර ගත් අරමුදල්වලින් ඉදිකරනු ලබන බව පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුමිදීමේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ විය.
ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කටයුතු අනුකාරක සභාවේ තීරණය අනුව මුදල් අමාත්‍යාංශය මගින් පත් කරන ලද සාකච්ඡා කමිටුවල නිර්දේශ මත කොස්සින්න සිට මීරිගම දක්වා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අනුමැතියද ඉල්ලා තිබුණි.
එම යෝජනාව සඳහා පසුගිය සතියේදී කැබිනට් අනුමැතිය හිමි වුණි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ද සිදු කළේ ද චීන එම්.සී.සී සමාගමවෙයි.







