මහ මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවලට ගුවන් කාලය වෙන්කර දීම සඳහා විශේෂ සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ, මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතරයි.
ඊට අමතරව දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කරනු ලබන ප්රචාරයන් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළා.







