FAST NEWS

24×7 Around the Globe

පොප් ගායිකා විට්නි හුස්ටන්ගේ 22 හැවිරිදි දියණියත් මීයයයි.

හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන් සහ ගායක බොබී බ්‍රවුන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් ජෝර්ජියාවේ රෝහලකදී ජීවිතක්ෂයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මිය යන විට ඇය 22 හැවිරිදි වියේ පසු වූ බවය.

ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී පසුගිය ජනවාරි මාසයේ සොයාගත් බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් පසුව කෝමා තත්ත්වයට පත්ව ප‍්‍රතිකර ලබමින් සිටියාය.

ක්‍රිස්ටිනා ජලය පිරුණු නාන තාටකය තුළ මුණින් අතට වැටී සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.

මීට අවුරුදු කිහිපයකට ඉහතදී අඟල් 12ක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ එලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර ද හමු විය.

කෙසේ වෙතත් කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළ බවයි විදෙස් වාර්තා පැවසුවේ.