FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමසාරිස්ට එරෙහි පෙත්සම කුණු කූඩයට.

මහ මැතිවරණයට අදාළව යාපනය දිස්ත්‍රික්කය සඳහා භාර දුන් නාම යෝජනා ප්‍රතික්ෂේපවීමට එරෙහිව අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය අද (24) නිශ්ප්‍රභ කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක්. පෙත්සම කැදවූ අවස්ථාවේදී මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කර තිබුණේ නාම යෝජනා පත්‍රය නිත්‍යානුකූල නොවන අයුරින් භාරදී තිබීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ පනතේ බලතලවලට අනුව කොමසාරිස්වරයා තීරණය කළ බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම නිශ්ප්‍රභා කළ බව සඳහන්.