FAST NEWS

24×7 Around the Globe

08 වැනිදා තෙක් තෙල් නෑ…

මෙ වන විට ඇතිව පවතින ඉන්ධන හිඟය ලබන 08 වැනිදා තෙක් පැවැතිය හැකි යැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ නමුත් පවතින තත්ත්වය මත සීයයට 80 පමණ ඉන්ධන සැපයිය හැකි බවත් සීයයට 20 ඉන්ධන හිඟයක් පවතින බවද එ මහතා පැවසුවේය.

එමෙන්ම එක් තෙල් නැවක් නැතිවීම මත රට තුළ තෙල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බවත් එහි සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවත් පෙන්වා දෙන එ මහතා ඉන්දීය ඔයිල් සමාගම මෙම ගැටලුව ඇතිකර තිබෙන බවට සැකයක් පවතින බව වැඩි දුරටත් සඳහන් කළේය.

E – (DE සිල්වා)